13K students joined with agri.edu.lk

මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇත්තේ ලහිරු දිසානායක නම් ජාතික පාසල් ආචාර්යවරයෙකු මෙන්ම උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වැඩිම සිසු පිරිසකට උසස් පෙළ කෘෂි විද්‍යා විෂය උගන්වන ගුරුවරයකු විසිනි. එමෙන්ම ඔහු පේසුරු කෘෂි විද්‍යා ග්‍රන්ථ කට්ටලේ සංස්කාරකවරයා ද වෙයි. සිසු දරුවන්ට අපහසු විශය කරුණු මැනැවින් දන්නා ඔහු ඒවා ඉතා පැහැදිලි ලෙස වීඩියෝ පාඩම් ලෙස විස්තර කරනු ලබයි එමෙන්ම නවතම කෘෂි විද්‍යා දැනුම නව විෂය නිර්දේශයට අනුකූලව ම උගන්වන නිසා මෙම පාඩම් මාලාව ඕනෑම දරුවකුට පහසුවෙන් අවබෝධ කරගත හැක. පංති කාමරයකදී ඉගෙන ගැනීමේදී ඇතිවන බාධා මගහැර තනිවම ඕනෑම දරුවකුට විශිෂ්ට සාමාර්ථයක් කරා මෙම පාඩම් මාලාව හැදෑරීමෙන් ගමන් කළ හැක. ඔබ සැම මෙම වෙබ් අඩවියට සාදරයෙන් පිලිගන්නා අතරම මෙහි ඇති පාඩම් පරිශීලනයෙන් ඉහළ සාමාර්ථ යකට ගමන් කිරීමට හැකිවේවායි අපේක්ෂා කරමු.

උසස් පෙළ සිසු දරුවන්ගේ කෘෂි විද්‍යා විෂයට අදාළ සියලුම ඒකක වල පාඩම් සමගම නිබන්ධන මෙම වෙබ් අඩවිය තුළින් සිසු දරුවන් හට ලබාගත හැක. ඉතාමත් ක්‍රමවත් ලෙස පැහැදිලි ලෙස පන්ති කාමර අත්දැකීම ලැබෙන පරිදි වීඩියෝ පාඨමාලාව මෙහෙයවන අතර ඊට අදාළ නිබන්ධන ද ඉතා ක්‍රමවත්ව සකසා ඉදිරිපත් කොට ඇත. දරුවන් විසින් මුදල් දී ලබා ගන්නා වීඩියෝ පාඩම් උසස් පෙළ අධ්‍යයනය කාලය පුරාවටම නැවත නැවතත් නැරඹීමේ අවස්ථාව මෙමගින් උදා කොට ඇත . න්‍යායාත්මක මෙන්ම පුණරීක්ෂණ පාඩම් ද පිළිවෙලින් ඒකක වශයෙන් ලබාදීමට කටයුතු සූදානම් කොට ඇත.
Watch Lessons
Home Image

Latest Lessons (පාඩම් ඒකක)

view all lessons
Lesson image

කෘෂි සංවර්ධනය

කෘෂිකර්මාන්තයේ අනාගත වර්තමාන අතීත සියලුම විභවයන් පිළිබඳව මෙම පාඩමේ දී සාකච්ඡා කෙරේ කෘෂිකර්මය තාක්ෂණය සංයෝජනයක් වන ආකාරය කෘෂිකර්මයේ විකාශය කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ දළ දේශීය නිෂ්පාදනයට කෘෂි අංශයේ දායකත්වය වැනි පාඩම් ඒකක මෙන්ම කෘෂිකර්මය ආශ්‍රිත කර්මාන්ත කෘෂිකාර්මික ආයතන කෘෂිකර්මය දියුණු කිරීමේ විභව පිළිබඳව මෙම පාඩම පුරාවට සාකච්ඡා කෙරේ අතීත කෘෂිකර්මයෙහි පැවතුණු තාක්ෂණයත් වර්තමාන සහ අනාගත කෘෂිකර්මාන්තයේ දියුණුව පිළිබඳ වත් මෙම පාඩමේ සාකච්ඡා කරනු ලබයි. ඉතා සංක්ෂිප්ත ලෙස කෘෂිකර්මාන්තය පිළිබඳ බොහෝ තොරතුරු මෙම පාඩම තුළ ගැබ්වී ඇත.

Lesson image

බෝග වගාවට දේශගුණයේ බලපෑම

බෝග වගාවට බලපාන ප්‍රධානම සාධකයක් වන දේශගුණික සාධක පිළිබඳව සහ කාලගුණික සාධක පිළිබඳව මෙම පාඩමේ අධ්‍යයනය කරනු ලබයි කාලගුණික දත්ත රැස් කරන ආකාරයත් දේශගුණික කලාප වර්ගීකරණයත් ඇතුළු බොහෝ කරුණු මෙම පාඩමේදි ගැඹුරින් අධ්‍යයනය කරනු ලබයි.සියලුම දේශගුණික සාධක බෝග වගාවට එක් එක් අයුරින් බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන බැවින් බොහෝ විට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් මෙම පාඩම ඇසුරින් නිර්මාණය වී ඇත.

Lesson image

පාංශු පරිසරය

විශාල පාඩමක් වන මෙම පාඩම තුළදී පස නිර්මාණය පාංශු සංඝටක පාංශු සෞඛ්‍යය භෞතික ගුණාංග රසායනික ගුණාංග ජෛවීය ගුණාංග සෞඛ්‍ය පිරිහීම දියුණු කිරීම ශ්‍රී ලංකාවේ පස් කාන්ඩ වැනි පසුව සම්බන්ධ විශාල තොරතුරු රාශියක් අධ්‍යයනයට මග පාදනු ලැබේ.පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමේදී දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් මෙම පාඩම ඔස්සේ යොමු කර ඇත ඒ නිසා කෘෂි විද්‍යාව හදාරන දරුවන් මෙහි ඇති සියලුම ඒකක මනා ලෙස අධ්‍යනය කර තිබීම වැදගත්ය

Student Comments (අදහස්)

හොඳට පැහැදිලිව තියෙනවා සර් බොහොම ස්තූතියි මට සමහර පාඩම් අහු වෙලා තිබ්බෙ නෑ මේකෙ වීඩියෝ බැලුවට පස්සේ අමාරු තැන් හුඟක් තේරුණා.🤗🤗🥳😘

සුපිරි නියමෙටම තියෙනවා ජය වේවා...!❤️

උගන්නන වත් එක්ක දෙන අවවාද නං පට්ට. සර් මෝටිවේශන් එක දිගටම කරන්න. ඒවා ගොඩක් හිතට වදිනවා..😃😃🤩

සර්ගෙ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මං පන්තිත් නැවැත්තුවා ගොඩක් ස්තුතියි සර් මේ කරන උදව්වට. අපි වගේ ගොඩක් අයට ගොඩයන්න සර් වගේ කෙනෙක් ඉන්න එක මාරම හොඳයි,🥰🥰